පලස්තීන ජාතිකයින් 137ක් මරුට

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් ගාසාහී AP සහ Al Jazeera කාර්යාල සහිත ගොඩනැගිල්ලක් විනාශ වෙයි

by Staff writer 15-05-2021 | 9:08 PM

COLOMBO (News 1st) - ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අමෙරිකානු තානාපතිවරයෙකු පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හැඩි අමර් තානාපතිවරයා ටෙල් අවීව් නුවරට පැමිණ ඇති බවය. ඒ අනුව එහිදී තානාපතිවරයා ඊශ්‍රායල, පලස්තීන සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. මේ අතර ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර ඊට ළමුන් 36 දෙනෙකු ඇතුළත්ය. ඊශ්‍රායලයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. පසුගිය සඳුදා සිට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 920 කට අධිකය. මේ අතර ගාසා තීරයේ අල් ජසීරා (Al Jazeera) ඇතුළු ඇසොසිඒටඩ් ප්‍රෙස් (Associated Press / AP) වැනි ප්‍රමුණ පෙලේ මාධ්‍ය ආයන ක්‍රියාත්මක වූ ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය රොකට් ප්‍රහාර එල්ල කළේය.