අකුණු සැර වැදී වන අලි 18ක් මරුට

අකුණු සැර වැදී ඉන්දියාවේ වන අලි 18ක් මරුට..

by Chathurika Jayasundara 15-05-2021 | 10:33 AM

COLOMBO (News 1st) – ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙහි නාගෝන්හි ( Nagaon) අකුණු සැර වැදීමෙන් වන අලි 18 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාගෝන්හි ( Nagaon) රක්ෂිත වනාන්තරයක මෙම අකුණු සැර වැදීම සිදුව තිබේ. ඇසෑම් ප්‍රාන්තයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සඳහන් කරන්නේ, ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුමකදී මිය ගිය වන අලින්ගේ මළ සිරුර හමුවූ බව ය. ප්‍රාන්ත පරිසර හා වන සංරක්ෂණ අමාත්‍ය Parimal Suklabaidya පවසා ඇත්තේ, මෙම සිදුවීම පිළිබඳව තමා දැඩි සේ කම්පාවට පත්වන බවය. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රාන්ත රජය නියෝග කළ බව ද අමාත්‍යවරයා පැවසී ය. මේ අතර මූලික වාර්තාවට අනුව අකුණු සැර වැදීමෙන් මරණ සිදුවිය හැකි නමුත් වස විස හෝ රෝග වැනි වෙනත් හේතුවක් තිබේද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්මකයි.