මෙරටින් තවත් කොරෝනා මරණ 29ක්..

මෙරටින් තවත් කොරෝනා මරණ 29ක්..

මෙරටින් තවත් කොරෝනා මරණ 29ක්..

කර්තෘ Staff writer

15 May, 2021 | 7:22 am

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 921ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එලෙස වාර්තා වූ මරණවල තොරතුරු..

මේ අතර මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2289 දෙනෙකු ඊයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ අවදානම් තත්ත්ව 03 යටතේ දැනට නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව, වාර්තාවන රෝගීන් සංඛ්‍යාව අනුව වෙනස් විය හැකි බවයි.

ඉන්දියාව ආශ්‍රිතව කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති පසුබිමකදී නීති විරෝධීව මුහුදු මගින් මෙරටට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]