Lockdown නිසා අසරණ වූ කොළඹ මැනිං වෙළෙඳුන්

Lockdown නිසා අසරණ වූ කොළඹ මැනිං වෙළෙඳුන්

by Staff writer 14-05-2021 | 2:44 PM

COLOMBO (News 1st) - එළවළු හා පළතුරු අලෙවි කර ගත නොහැකි වීමෙන් අද(14) කොළඹ මැනිං වෙළෙඳුන් දැඩි පීඩාවට පත්ව සිටී.

ඔවුන් පැවසුවේ මේ වනවිට වෙළෙඳපොළේ විශාල වශයෙන් එළවළු තොග ගොඩ ගැසී ඇති බවය. එළවළු හා පළතුරු මිළ ගණන් සීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ද ඔවුන් පැවසුවේය. කෙසේ වෙතත් පවතින වාතාවරණය හමුවේ පාරිභෝගිකයින්ට වෙළෙඳපොළ වෙත පැමිණීමට අවසර නොමැත.