සංචරණ සීමා කාලයේ ගැටලු නිරාකරණයට ඇමතුම් මධ්‍යස්ථාන

සංචරණ සීමා පනවා ඇති කාලයේ ජනතා ගැටලු නිරාකරණයට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන..

by Staff writer 14-05-2021 | 9:50 PM

COLOMBO (News 1st) – සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

ඒ, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ය. එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර තිබේ. ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මේ අනුව ජනතාවට යම් ගැටලුවක් ඇත්නම්, ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකිය. එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවල නිලධාරීන්ට එම ගැටලුව විසඳිය නොහැකි වන අවස්ථාවලදී එම නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් එය විසඳා ගැනීමට අවස්ථාව සලසා ඇත.

එක් එක් දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, ඔවුන්ගේ කාර්යාලයීය හා ජංගම දුරකකතන අංක පහත දක්වා ඇත.

දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන ...