වහලයක් කඩා වැටීමෙන් තිදෙනෙකු මරුට

වහලයක් උඩ සරුංගල් යැවූ තිදෙනෙකු වහලය කඩා වැටීමෙන් මරුට

by Staff writer 14-05-2021 | 8:31 PM

COLOMBO (News 1st) – ගාල්ල, මකුලව ප්‍රදේශයේ නිවසක වහලයක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියගොස් තිබේ.

නිවසේ වහලය මත සරුංගල් යවමින් සිටියදී ඔවුන් වහලය කඩාගෙන බිමට වැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පියා, පුත්‍රයා සහ අසල්වැසියෙකු මෙලෙස මියගොස් ඇති බවය.