ජලාශ 05 ක වාන් දොරටු විවෘත කෙරේ

ජලාශ 05 ක වාන් දොරටු විවෘත කෙරේ

by Staff writer 14-05-2021 | 8:44 AM

COLOMBO (News 1st) – පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 05 ක වාන් දොරටු විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, අධික වැසි සමග නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ, උඩවලව සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවය. මේ අතර, ගිං ගගේ බද්දේගම ජල මාපකයේ අගය මේ වන විට පිටාර මට්ටම ඉක්වමා ගොස් තිබේ.