පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 282ක්

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 282ක් අත්අඩංගුවට

by Staff writer 14-05-2021 | 2:55 PM

COLOMBO (News 1st) - ගෙවුණු පැය 24 තුළ, නිරෝධායන නිති උල්ලංඝණය කළ පුද්ගලයින් 282 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඉන් වැඩි දෙනෙකු කොළඹ උතුර, කුලියාපිටිය, මාතලේ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවය. පසුගිය ඔක්තොම්බර් 30වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9,029කි.