අමෙරිකානුවන් පුදුම කළ සෞඛ්‍ය අංශ උපදෙස

එන්නත් දෙකම ගත් පුද්ගලයින්ට මාස්ක් සහ මීටරය අවශ්‍ය නැහැ - අමෙරිකාවේ සෞඛ්‍ය අංශ එරට වැසියන්ට කියයි..

by Staff writer 14-05-2021 | 9:57 PM

COLOMBO (News 1st) –  එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින්ට එළිමහන් මෙන්ම ගෘහස්ත ස්ථානවල මුව ආවරණ පැළදීමේ හෝ සමාජ දුරස්තභාවය රැකීමේ අවශ්‍යතාවයක් නොමැති බවට අමෙරිකාවේ වසංගත රෝග පාලන ඒකකය නිවේදනය කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ , මෙතෙක් එන්නත්කරණයට ලක්වූ ජනතාවට එන්නත ලබා ගැනීම සඳහා උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.