ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල භූ චලනයක්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල භූ චලනයක්: ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ - ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය

by Chathuranga Rajapaksha 14-05-2021 | 12:50 PM
COLOMBO (News 1st): ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. එරට කාලගුණ බලධාරීන් පවසන්නේ සුනාමි අවදානමක් නොමැති බව ය. මේ අතර ඉන්දුනීසියාවේ සිදුවූ එම භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි.