අරාබි මුහුදේ පීඩන අවපාතයක්..

අරාබි මුහුදේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි..

by Staff writer 14-05-2021 | 4:32 PM

COLOMBO (News 1st) – අරාබි මුහුදේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය මේ මස 18 වැනිදා ගුජරාට් හා පකිස්ථාන වෙරළ තීරයට ළඟා වනු ඇති . කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එමගින් දිවයිනේ කාලගුණයට ඇති කරන බලපෑම හෙට(15) සිට ක්‍රමයෙන් අඩුවන බව යි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය..