විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ...

විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ...

by Staff writer 13-05-2021 | 5:18 PM

COLOMBO (News 1st) : මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ මෙරට රැඳී සිටීම සඳහා නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව දීර්ඝ කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ , අදාළ වලංගු කාල සීමාව මැයි 11 වැනිදා සිට ජුලි 09 දක්වා දින 60කින් දීර්ඝ කළ බවයි.