'හකා' නැටූ නවසීලන්ත මන්ත්‍රී  පන්නා දමයි

පාර්ලිමේන්තුවේ 'හකා' නැටූ නවසීලන්ත මන්ත්‍රී පන්නා දමයි

by Sagarika Chathumali 13-05-2021 | 12:03 PM

COLOMBO (News 1st) : ජාතිවාදය උසිගන්වන  බවට විපක්ෂයට චෝදනා කරමින් එරට පාර්ලිමේන්තුව තුළ හකා රඟ දැක්වූ මාඕරි ජන කොට්ඨාසය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවෙන් පන්නා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රවිරි වේටිටි (Rawiri Waititi) නමැති එරට මාඕරි පක්ෂ සාමාජික මන්ත්‍රීවරයෙකු එලෙස පාර්ලිමේන්තුවෙන් පන්නා දමා ඇති බවයි. සාම්ප්‍රදායික ලෙස සිරුරේ පච්ච කොටාගෙන සිටින වේටිටි ඊයේ (12) විවාද සැසියකදී කිහිප වතාවක්ම නැගී සිට ඇත්තේ, විරුද්ධ පක්ෂ දේශපාලනඥයින් ‘මාඕරි පොඩිපට්ටම් කරනවා’ ලෙස කළ ප්‍රකාශයන්ට විරුද්ධවයි. පාර්ලිමේන්තුවේ ගැටුම් අවස්ථාවන්හිදී වයිටිටි සාම්ප්‍රදායික මාඕරි නැටුමක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය පුරුද්දක් වන අතර අසුනේ ඉද ගන්නා ලෙස දැනුම්දීමෙන් පසු ඊයේ ද එලෙස නැටුමක් ඉදිරිපත් කර තිබේ. ස්වදේශික නවසීලන්ත වැසියන්ගේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා මාඕරි සෞඛ්‍ය අධිකාරියක් සඳහා වන සැලසුම් පිළිබඳව පාර්ලිමේන්තුව විවාදයට භාජනය වීමත් සමග වේටිටිගේ මෙම විරෝධතාව ඉදිරිපත්ව තිබේ. මෙම සැලසුම්වලට ජසින්ඩාර් අර්ඩන්ගේ කම්කරු පක්ෂය සහාය ලබා දුන්න ද විපක්ෂයේ ජාතිකයන් ඇයට බෙදුම්වාදී න්‍යාය පත්‍රය අනුගමනය කරන බවටත් ජාතිය මත පදනම්ව මිනිසුන්ට වෙනස් ලෙස සලකන පද්ධතියක් නිර්මාණය කළ බවටත් චෝදනා කර තිබේ. බදාදා පැවති විවාද සැසිවාරයේදී වේටිටි මහතා කිහිප වතාවක්ම නැගී සිට ඇත්තේ, එම තර්කයට විරුද්ධ වීම සඳහායි. මේ අතර වේටිටි යළි පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ, ටයිටියක් ඇඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමෙන් මාස තුනකට පසුවයි. ‘යටත් විජිත නාසය’ ලෙස හඳුන්වමින් ඔහු ටයි පටිය පැළඳීම ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට ඔහු Hei-tiki නමින් මාලයක් පැළඳීම පුරුද්දක් කර ගෙන සිටියේ ය.   https://www.youtube.com/watch?v=HS0Kgj-4dbg