හෙට රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා ගමන් තහනම්

BREAKING : හෙට (13) රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා මුළු රටටම බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක්

by Staff writer 12-05-2021 | 2:23 PM

COLOMBO (News 1st) : හෙට (13) රාත්‍රි 11 සිට සඳුදා (17)  අලුයම 4 දක්වා මුළු රටටම බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු කියා සිටියේ බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බවයි. ඊට අමතරව අත්‍යවශ්‍ය සේවාවන් සදහා ගමනා ගමන සීමාවන් අදාළ නොවන බවද යුද හමුදාපතිවරයා පැවසී ය.