රටපුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා ගමන් තහනමක්

BREAKING : මැයි 31 දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

by Staff writer 12-05-2021 | 12:54 PM

COLOMBO (News 1st) : අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ මෙම ගමන් තහනම මැයි 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි. අද රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සියලුම පුද්ගලයින්ට නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදුවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. යුද හමුදාපතිවරයා පැවසුවේ ආහාර, ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහන සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්වලට මෙම සීමා කිරීම් බල නොපැවැත්වෙන බවයි. https://www.youtube.com/watch?v=Avb7iA2Icy0