නිවසින් බැහැරටයාම හැඳුනුම්පත් අංකය අනුව

හැඳුනුම්පතේ අංකය අනුව නිවසින් බැහැරට යාමේ ක්‍රමවේදය යළිත්

by Staff writer 12-05-2021 | 3:48 PM

COLOMBO (News 1st) : ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් බැහැරට යාමේ ක්‍රමවේදය යළිත් හෙට සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ඒ අනුව ඔත්තේ දිනවලදී නිවසින් පිටවීම සඳහා හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු අතර ඉරට්ටේ දිනවලදී හැඳුනුම්පතේ අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතු බවයි. කෙසේ වෙතත් රාජකාරී සඳහා නිවසින් පිටත්ව යන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙය බල නොපාන බව ද ඔහු කියා සිටියේ ය.