by Staff writer 12-05-2021 | 4:22 PM
COLOMBO (News 1st) : අවමංගල්‍ය උත්සවයක්, මරණය සිදුවී පැය 24 ඇතුළත සිදුකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.
ඊට සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 15 කට සීමා කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සංචරණ සීමා පනවා ඇති කාලය තුළ යම් කිසි පුද්ගලයකු රෝගි වුවහොත් ඔහු රෝහල් කරා රැගෙනයාමට එම සීමාවන් බල නොපාන බවයි.