කුවේටය ගුවන් ගමන් අත්හිටවූ රටවල් අතර ශ්‍රී ලංකාවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4කින් එන මගීන්ට කුවේටයෙන් ගමන් තහනමක්

by Sagarika Chathumali 11-05-2021 | 1:21 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලයේ සහ සිට පැමිණෙන ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

එරට රාජ්‍ය පුවත් ඒජන්සිය උපුටා දක්විමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, කොරෝනා වෛසරය පැතිරීම වැළැක්වීමේ පූර්ව පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි. කෙසේ වෙතත් තීරණය භාණ්ඩ ප්‍රවාහනය අදාළ නොවනු ඇති. මේ අතර අදාළ රටවල සිට යම් පුද්ගලයෙකු කුවෙට් රාජ්‍යයට පැමිණෙන්නේ නම්, ඔහු හෝ ඇය දින 14ක් වෙනත් රටක සිට කුවේටයට පැමිණෙන්නේ නම්, ඊට අවසර ලැබේ.