මුළු මැලේසියාව ම LOCKDOWN...

මුළු මැලේසියාව ම LOCKDOWN...

by Sagarika Chathumali 11-05-2021 | 9:18 AM

COLOMBO (News 1st) : කොරෝනා වෛසර ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ රට සම්පූර්ණයෙන් ම වසා දැමීමට (Lockdown) කිරීමට මැලේසියා බලධාරීන් තීරණය කර තිබේ.

මැලේසියානු  අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, ඒ අනවු  රැස්වීම්, ප්‍රාන්ත අතර සහ  දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්  තහනම් වන බවයි. ඒ යටතේ අධ්‍යාපනික ආයතන සියල්ල ද වසා දැමීටම ද නියෝග කර තිබේ. ආර්ථික අංශය අඛණ්ඩව පවත්ව ගැනීමට අවසර දී ඇතත් එය පවත්වා ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර නොමැත. පසුගිය සති කිහිපයේ මැලේසියාවේ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමට පටන් ගත් අතර පසුගිය සඳුදා දිනයේ එරටින් නව කොරෝනා ආසාදිතයින් 3,807 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 444,484 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,700 කි.