මාස 3 බිළිඳියක් කොරෝනාවලට බිලිවෙයි

මාස 03ක බිළිඳියක් ඇතුළු තවත් 26ක් කොරෝනා වෛරසයට බිලිවෙයි..

by Staff writer 11-05-2021 | 7:27 AM

COLOMBO (News 1st) - තවත් කොරොනා මරණ 26 ක් ඊයේ(10) රාත්‍රියේ වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එම මරණ පසුගිය 03 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයින් අතර මාස 03ක බිළිඳියක් , කාන්තාවන් 11 හා පිරිමි පුද්ගලයින් 14 සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය. ඔවුන් අවුරුදු 36 සිට 91 දක්වා වයස්වල පසුවූවන් වේ. ඒ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරෝනා ආසාදිතයින් 2,573 දෙනෙකු ඊයේ දිනයේ දී හදුනා ගැනුණි. ඒ සමග මෙරට සමස්ත කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 128,530ක් දක්වා ඉහළ ගියේය. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරොනා ආසාදනයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 105,611 කි.