''සෞඛ්‍ය යාන්ත්‍රණය යම් ප්‍රමාණයකින් අඩපණ වෙලා''

''සෞඛ්‍ය යාන්ත්‍රණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපණ වෙලා'' - ජවිපෙ නායක

by Staff writer 11-05-2021 | 4:48 PM

COLOMBO (News 1st) : කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වන සෞඛ්‍ය යාන්ත්‍රණය සැලකියයුතු ප්‍රමාණයකින් අඩපණ වී ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, තත්ත්වය වහාම මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වුවහොත් සමූහ මිනිස් ඝාතනයක් සිදුවිය හැකි තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් නිර්මාණය විය හැකි බවයි. ඔහු  වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ සෑම රටක්ම වෛරසය තම රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවේ මෙරට ඇතැමුන් නිරෝධායනය සඳහා පිරිස් ගෙන්වා ගැනීමට දැන්වීම් පළ කළ බවයි.