සේවකයින් කැඳවීමේදී ආයතන ප්‍රධානීන්ට උපදෙසක්..

සේවා ස්ථානයට වෙනත් දිස්ත්‍රික්කවල සේවකයින් කැඳවීම සීමා කරන්න - යුද හමුදාපති

by Staff writer 10-05-2021 | 11:54 AM

COLOMBO (News 1st) : සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින් සේවා ස්ථාන වෙත කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් නිකුත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම උපදෙස් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බවයි. කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණය සීමා කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.