මෙරට දිනක වැඩිම ආසාදිතයින් වාර්තා වෙයි

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් ගණන පළමුවරට 2500 ඉක්මවයි..

by Staff writer 10-05-2021 | 6:50 AM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 2,659ක් ඊයේ හඳුනා ගැනුණි.

එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතර තවත් කොරෝනා මරණ 15ක් ඊයේ වාර්තා විය. එම මරණ වාර්තා වූයේ බණ්ඩාරගම, අම්පිටිය, ගනේමුල්ල ,රාගම ,කුලියාපිටිය, බිබිල, ගල්කිරියාගම ,පස්සර ,වස්කඩුව, නෑබොඩ, බෝඹුවල, නවුත්තුඩුව, කොළඹ 07 හා මඩොල්කැලේ යන ප්‍රදේශවලින් ය. මිය ගිය පිරිස අවුරුදු 46 ත් 86 ත් අතර වයස්වල පසුවූවන් වේ. ඒ සමග කොරෝනා ආසාදනය වී මෙරට මියගිය සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගියේ ය. වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 20,657කි. තවත් කොරෝනා ආසාදිතයින් 1365 දෙනෙකු ඊයේ සුවය ලැබුවේ ය. ඒ සමග මෙරට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 104, 463 ක් දක්වා ඉහළ ගියේ ය.