මාලදිවයින් හිටපු ජනපතිට බෝම්බ ගැහුව සැකකරු අල්ලයි

මාලදිවයින් හිටපු ජනපති ඉලක්ක කර බෝම්බ ගැහුව සැකකරු අල්ලයි

by Sagarika Chathumali 10-05-2021 | 9:45 AM

COLOMBO (News 1st) : මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, අද්හුහාම් අහමඩ් රෂීඩ් නමැති 25 හැවිරිදි අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගියදා මාලේ අගනුවරදී නෂීඩ්ගේ (53) මෝටර් රථය අසලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පසු ඔහු තුවාල ලබා රෝහල්ගත කෙරිණ.