පොදු ප්‍රවාහනයේ සෞඛ්‍ය රීතී ගැන මෙහෙයුමක්...

පොදු ප්‍රවාහන සේවාවේ සෞඛ්‍ය රීතීන් පිළිබඳ විශේෂ මෙහෙයුමක්..

by Staff writer 10-05-2021 | 10:11 AM

COLOMBO (News 1st) : පොදු ප්‍රවාහන සේවා හා පොදු කුලී රථයන්හි සෞඛ්‍ය රීතීන් පිළිබඳව විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ , අනුව පොදු ප්‍රවාහන සේවාවලදී ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කුලී රථවල රියැදුරුට අමතරව ගමන් කළ හැක්කේ තවත් දෙදෙනෙකු පමණි. මේ සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.