එක්සිම් බැංකුවෙන් ඩො. මිලියන 500ක ණයක්

දකුණු කොරියානු එක්සිම් බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 500ක ණයක්

by Staff writer 10-05-2021 | 5:34 PM

COLOMBO (News 1st) - දකුණු කොරියානු එක්සිම් බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 500ක ණයක් ප්‍රදානය කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ අද දිනයේ ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබූ බවය. ලේකම්වරයා පැවසුවේ ඉදිරි වසරක කාලය තුළ එය ලැබීමට නියමිත බවය. ඊට අදාල ක්‍රියාකාරී සැලැස්මට අද අත්සන් තබා තබා තිබේ.