ගෙවුණු දිනයේ කොරෝනා ආසාදතයින් වාර්තා වූ ප්‍රදේශ

ගෙවුණු දිනයේ (9) කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ ලැයිස්තුව මෙන්න...

by Sagarika Chathumali 10-05-2021 | 8:47 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (9) මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,672 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන මෙය වන අතර දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ. . ඒ අතරින් පුද්ගලයින් 13 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් 2,659 දෙනා දේශීයව හඳුනා ගෙන ඇතැයි, එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ⭕ කොළඹ දිස්ත්‍රික්කය - 755 (වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය - 323 යි. ⭕ කළුතර දිස්ත්‍රික්කය - 234යි. ⭕ ගාල්ල දිස්ත්‍රික්කය - 228 යි. ⭕ පොළොන්නරුව දිස්ත්‍රික්කය - 118යි ⭕ රත්නපුර දිස්ත්‍රික්කය - 192යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 20642 කි. ඊයේ (9) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 1365දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස104,463 ක් දක්වා ඉහළ ගියේ ය. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 15 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වූයේ, ගනේමුල්ල, බොඹුවල, නවත්තුඩුව, මඩොල්කැලේ, බිබිල, ගල්කිරියාගම, වස්කඩුව, අම්පිටිය, රාගම, කුලියාපිටිය, පස්සර, නෑබොඩ, කොළඹ 7 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලිනි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක් තුළ පුද්ගලයින් 6,285 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි. මේ අතර අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා (Lockdown) කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසී ය. ?️ ගම්පහ දිස්ත්‍රික්කය ?මහර පොලිස් වසම * ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර ?කටාන පොලිස් වසම * KC සිල්වා ග්‍රාම නිලධාරී වසම * කදිරාන උතුර ඇටබගහවත්ත ගම්මානය * කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය ? වත්තල පොලිස් වසම * සේදවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ මහ පමුණුගම කොටස * කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ 44 පටුමග * නිල්සිරිගම ග්‍රාම නිලධාරී වස⁣මේ 3 සහ 7 වැනි පටුමග ? රත්නපුර දිස්ත්‍රික්කය ? රත්නපුර පොලිස් වසම * අංගම්මන ග්‍රාම නිලධාරී වසම ?️ කළුතර දිස්ත්‍රික්කයේ ?මොරගහහේන පොලිස් වසම * පලන්නොරුව * කෝරලඉම * කුඹුක බටහිර ?හොරණ පොලිස් වසම * නර්තනගල ?️ මොනරාගල දිස්ත්‍රික්කය ? මොනරාගල පොලිස් වසම බෝහිටිය ?️ අම්පාර දිස්ත්‍රික්කය ? දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ නවමැදගම කොටස රන්හෙලගම කොටස සේරු පිටිය උප කොටස මේ අතර දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර තිබේ. ?️ ගම්පහ දිස්ත්‍රික්කය ? දිවුලපිටිය පොලිස් වසම * අස්වැන්වත්ත ? කොටදෙණියාව පොලිස් වසම * හීරළුගෙදර ?️ අම්පාර දිස්ත්‍රික්කය ? දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම * දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ චන්දන කොටස * දොලකන්ද කොටස ?️ කුරුණෑගල දිස්ත්‍රික්කය ? කුඹුක්ගැ‌ටේ පොලිස් වසම තිත්තවැල්ගාල නීරාවිය ?️ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ? උප්පු‌වේලි පොලිස් වසම *අන්බුවාලිපුරම් ? ත්‍රිකුණාමලය පොලිස් වසම * ඔරිස්හිල් * මඩ්කෝ * ලිංගනගර් ?චීන වරාය පොලිස් වසම * චීන වරාය ග්‍රාම නිලධාරී වසමේ ලංකාපාලම හා ධාන්‍යගම1 * කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ සමන්පුර , ධීවර ගම්මානය , ධාන්‍යගම2 ?️ කළුතර දිස්ත්‍රික්කය ? පානදුර දකුණ පොලිස් වසම * නාරම්පිටිය