ගෙල කපා ඝාතනය කළ ගෘහ සේවිකාවගේ සිරුර දිවයිනට

ගෙල කපා ඝාතනය කළ ලාංකික ගෘහ සේවිකාවගේ දේහය දිවයිනට රැගෙන එයි

by Sagarika Chathumali 10-05-2021 | 9:33 AM

COLOMBO (News 1st) : කුවේට්හිදී ගෙල කපා ඝාතනය කරන ලද ගෘහ සේවිකාවකගේ මෘත දේහයක් ඊයේ (9) උදෑසන මෙරටට රැගෙන විත් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පසුගිය අප්‍රේල් 13 වැනිදා ඉතියෝපියානු ගෘහ සේවිකාවක විසින් ගෙල කපා මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව ඝාතනය කර ඇති බවයි. කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ උදෑසන ඇයගේ දේහය මෙරටට රැගෙන විත් තිබේ. මහව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන 39 හැවිරිදි අදාළ කාන්තාව කුවේට්හි ගෘහ සේවයට ගොස් ඇත්තේ, පසුගිය 2019 වසරේදී ය. ඇයගේ මරණය සම්බන්ධයෙන් ඊයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කර ඇති අතර අද කෝවිඩ් රෙගුලාසිවලට අනුව මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.