කොළඹ ජනතාවට දිනකට Sinopharm එන්නත් 20,000ක්

කොළඹ ජනතාවට දෛනිකව Sinopharm එන්නත් 20,000 ක්.

by Staff writer 10-05-2021 | 11:51 AM

COLOMBO (News 1st) : කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට දෛනිකව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 20,000 බැගින් ලබා දීමට උපදෙස් ලබා දී ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, කොළඹ නාගරික සීමාවේ ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම සඳහා මධ්‍යස්ථාන 02ක් අද දිනයේ ක්‍රියාත්මක බවයි. කැම්බල් පාර්ක්හි පිහිටි මධ්‍යස්ථානයේ සහ ආනල්ඩ් රත්නායක මාවතේ පිහිටි මධ්‍යස්ථානයේදී අද දිනයේ එම එන්නත ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේ ය .