COLOMBO (News 1st) - කොවිඩ් ව්‍යාප්ත වීමත් සමගම වර්තමානයේ ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මැයි 30 වැනි දා දක්වා පළාත් අතර සංචරණය සීමා කිරිමට මෙන්ම, ජනතාව රැස්වන සියලු සම්භාෂණ තහනම් කිරීමටත් කටයුතු කිරීමට ද අතිගරු ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව එහි සඳහන්.
කෙසේ වෙතත්, සීමා පැනවීමේ දී ජනජීවිතය අඩාල නොවීමට වගබලා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
