රාජ්‍ය සේවය අවම කාර්ය මණ්ඩලයක් යටතේ..

අද සිට රාජ්‍ය සේවය අවම කාර්ය මණ්ඩලයක් යටතේ: ගැබිනි මව්වරුන් කැඳවීමට අවසර නෑ..

by Staff writer 10-05-2021 | 8:14 AM

COLOMBO (News 1st) – රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා අවම කාර්ය මණ්ඩලයකින් පවත්වාගෙන යාමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අද නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, මේ යටතේ ගැබිනි මව්වරුන් සේවයට කැඳවීමක් නොකරන බවය. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරියේ පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.