UAE සංචාරක තහනම පැනවූ රටවල් අතර ශ්‍රී ලංකාවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4කින් එන සංචාරකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගමන් තහනමක්

by Sagarika Chathumali 10-05-2021 | 3:45 PM

COLOMBO (News 1st) : එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල සිට සංචාරකයින් පැමිණීම අත්හිටුවා තිබේ.

එරට ජාතික හදිසි අර්බූද හා ආපදා කළමනාකරණ අධිකාරිය අද නිවේදනය කර ඇත්තේ, මෙම සංචාරක තහනම ලබන 12 වනදා සිට බලපැවැත්වෙන බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා වෛරස ව්‍යාප්තිය පැතිරයාම පාලනය කිරීමේ පූර්ව සූදානමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරවැසියන්, එකී රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත නිලධාරීන්, ව්‍යාපාරික ගුවන් ගුවන් ගමන්වල නිරත පිරිස්   ඇතුළු සුවිශේෂි කණ්ඩායම් කිහිපයක්   මෙම නව නීතියෙන් නිදහස් වනු ඇති. කෙසේ වෙතත් එලෙස නිදහස් කර ඇති අය දින 10 ක් නිරෝධායනය වියයුතු අතර ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයකට භාජනය විය යුතු ය. රට තුළට ඇතුළු වී සිව් වන හෝ 8 වන දිනවලදී තවදුරටත් PCR පරීක්ෂණවලට ද භාජනය විය යුතු වේ.