චීන එන්නත ලංකාවේ හදයි ද?

චීන එන්නත ලංකාවේ හදයි ද?

by Staff writer 10-05-2021 | 11:27 AM

COLOMBO (News 1st) : Sinovac සහ Sinopharm චීන කොරෝනා මර්දන එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, අමුද්‍රව්‍ය ගෙනවිත් එන්නත් මෙරටදී  නිෂ්පාදනය කිරීම ‌කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. ඒ සඳහා මැදිහත්වෙමින් චීන තානාපති කාර්යාලය විශේෂ උනන්දුවකින් කටයුකු තරන බවත් ඊට සුබදායක පිළිතුරක් ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා (9) පැවසී ය. මේ අතර ශ්‍රී ලාංකිකයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පසුගිය 7 වනදා චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ් එන්නත් ශ්‍රී ලංකාවේ සම නිෂ්පාදනය කෙරෙහි මෙරට බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.