කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් 3ක් මෙරටින්..

කොවිඩ් ආසාදිත ඉන්දියානු ජාතිකයින් තිදෙනෙක් කැබිතිගොල්ලෑව රෝහලේ..

by Staff writer 10-05-2021 | 9:26 PM

COLOMBO (News 1st) - කොවිඩ් ආසාදිත ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු කැබිතිගොල්ලෑව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වරුණ කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අතර සිටින 41 හැවිරිදි එක් පුද්ගලයෙකු පසුගිය මස 28 වැනිදා ඉන්දියාවේදී ලබාගත් පීසීආර් වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙරටට පැමිණ ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසු අසාදිතයෙකු බවට හදුනාගත් අයෙකි. ඔහු මෙරටට පැමිණ ඇත්තේ චෙන්නායි සිටයි. තවත් 24 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු පසුගිය මස 24 වෙනිදා ඉන්දියාවේදී ලබාගත් පී.සී.ආර්. වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගිය 28 වැනිදා දිවයිනට පැමිණ ඇති අතර ඔහු පසුගිය 04 වැනිදා ආසාදියෙකු බවට හඳුනාගෙන තිබේ. අනෙක් ඉන්දීය ජාතිකයා 27 හැවිරිදි අයෙක්වන අතර ඔහු මෙරටට පැමිණ ඇත්තේ 24 වැනිදා ඉන්දියාවේදී ලබාගත් පී.සී.ආර්. වාර්තාවක් ඉදිපත් කරමිනි. පසුගිය මස 28 වැනිදා ඔහු මෙරටට පැමිණ ඇති අතර මේ මස 03 වෙනිදා ඔහු අසාදිතයෙකු බවට හදුනාගෙන තිබේ. මෙම ඉන්දීය ජාතිකයින් තිදෙනාම ඉදිරිපත් කර ඇති ඉන්දියාව නිකුත්කළ පී.සී.ආර්. වාර්තාවල සඳහන්ව ඇත්තේ ඔවුන් ආසදිතයින් නොවන බවය.