රත්නපුර ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

by Staff writer 09-05-2021 | 8:59 PM

COLOMBO (News 1st) - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය(NBRO) විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල සහ ඕපනායක යන ප්‍රදේශවලට නායයෑම් පිළිබඳ විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අඟවා තිබේ.