මෝටර් රථ ප්‍රවාහන වේරහැර,නාරාහේන්පිට තවදුරටත් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල තවදුරටත් වැසේ

by Staff writer 09-05-2021 | 6:48 PM

COLOMBO (News 1st) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මගින් ලබා දෙන සේවා තවදුරටත් තාවකාලික නතර කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, 0112677877 යන දුරකතනය ඔස්සේ සිදු කළ වේලාව වෙන් කරවා ගැනීම් ඇතුළු සේවා සියල්ලම අවලංගු වන බවය.