පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ලබන බදාදා

පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ලබන බදාදා - අධ්‍යාපන ඇමති

by Chathuranga Rajapaksha 09-05-2021 | 6:51 PM
COLOMBO (News 1st): පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ලබන බදාදා(12) පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි. වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයින් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට ගෙන්වීමට බලාපොරොත්තුවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී ලබා ගන්නා උපදෙස් අනුව පාසල් විවෘත කිරීම සම්බන්ධව තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ජයන්ති විහාරය, රුවන්වැලිසෑය, ලංකාරාමය යන ත්‍රිවිධ විහාරයන්හි නායක හිමිවරුන් අද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.