නිෂ්පාදනවලට රසායනික ගෙන්වීමට බලපත්‍ර මත අවසර..

නිෂ්පාදකයින්ට අවශ්‍ය රසායනික ගෙන්වීමට බලපත්‍ර මත අවසර

by Staff writer 09-05-2021 | 6:25 PM
COLOMBO (News 1st) - කර්මාන්ත කටයුතු සඳහා නිෂ්පාදකයින්ට අවශ්‍ය වන රසායනික මෙරටට ගෙන්වීම සඳහා බලපත්‍ර මත අවසර ලබා දීමට තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු පාර්ශව සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවය. කෙසේ වෙතත් රසායනික පොහොර ආනයනය තහනම් බව ඔහු අවධාරණය කළේය. මෙරටදී සිදු කෙරෙන නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය රසායනික පමණක් මේ යටතේ බලපත්‍රයක් මත ගෙන්වීමට අවසර හිමිවනු ඇති.