Lockdown ප්‍රදේශවල වෙනසක්..

දිස්ත්‍රික්ක 2ක තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown..

by Staff writer 09-05-2021 | 8:03 AM

COLOMBO (News 1st) – රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද(09) අලුයම සිට හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ?රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ පනාපොළ, කුඩුමිටිය, කුඩව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, දව්ගලගම,ගඟලගමුව, කොස්වත්ත, තපස්සරකන්ද , වතුරාව , වෙම්බියගොඩ , වැද්දාගල නැගෙනහිර , වැද්දාගල බටහිර , දවුගලගම යන ග්‍රාම නිලධාරී වසම් ද , රක්නාව කලවාන පොලිස් බල ප්‍රදේශයේ දෝලේ කන්ද , රඹුක, කත්ලාන , තණබෙල, ඉළුඹකන්ද, පොතුපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර තිබේ. මීට අමතරව ?නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළිදුල පොලිස් බල ප්‍රදේශයේ ශාන්ත කුම්බර්ස් වතුයාය ද හුදෙකලා කළ බව යුද හමුදාපතිවරයා පැවසුවේ ය. එමෙන්ම ?කළුතර දිස්ත්‍රික්කයේ නාරම්පිටිය ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කර තිබේ