තවත් කොරෝනා ආසාදිතයින් 1,365ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,365ක් සුවය ලබයි

by Staff writer 09-05-2021 | 6:05 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,365 දෙනෙකු අද සුවය ලැබුවේය.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 104,463 ක් දක්වා ඉහළ ගියේය. වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව 17,985 කි. මෙරට සමස්ත කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 123,234 ක් වේ. කොරොනා ආසාදනයවීමෙන් ඊයේ පුද්ගලයින් 22 දෙනෙකු මිය ගියේය. ඒ සමග මෙරට කොරොනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 786 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.