නාවික මුර සංචාර දෙගුණ කෙරේ

මෙරට මුහුදු තීරයේ නාවික මුර සංචාර දෙගුණ කෙරේ

by Staff writer 09-05-2021 | 1:23 PM

COLOMBO (News 1st) – මෙරට මුහුදු තීරයේ නාවික හමුදා මුර සංචාර දෙගුණ කර තිබේ.

ඒ, කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉන්දියානු ජාතිකයින් නීති විරෝධී ලෙස මෙරටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේ, ඒ අනුව නාවික හමුදා භටයින් හා මුර යාත්‍රා සංඛ්‍යාව වැඩි කර ඇති බවය. එම යාත්‍රා දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් පැය 24 පුරා මුර සංචාරවල නිරත වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.