තැපෑලේ වාහනවලින් ලිපි හා පාර්සල් ..

තැපැල් දුම්රිය අවලංගු කළ ද දෙපාර්තමේන්තුවේ වාහනවලින් ලිපි හා පාර්සල් බෙදා හැරේ..

by Staff writer 09-05-2021 | 1:45 PM

COLOMBO (News 1st) – තැපැල් දුම්රිය අවලංගු කළ ද දෙපාර්තමේන්තුව සතු වාහන යොදා ගනිමින් ලිපි හා පාර්සල් බෙදා හැරීම සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ප්‍රමාදයකින් තොරව ලිපි බෙදා හැරීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බවයි. කෙසේ වෙතත් පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ තැපැල් කාර්යාලවලින් සේවා ලබා දෙන කාලය සීමා කිරීමට සිදුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.