චීන රොකට්ටුව අද පෘථිවියට පතිත වෙයි..

චීන රොකට්ටුවේ පහළ කොටස අද පෘථිවියට: මෙරටට අවදානමක් නැහැ..- ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය

by Staff writer 09-05-2021 | 9:07 AM

COLOMBO (News 1st) – චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ලෝන් මාච් 5 බී රොකට්ටුවේ පහළ කොටස අද මෙරට වායුගෝලයට ඇතුළු වී පෘථිවියට පතිත වන බව අභ්‍යවකාශ විශේෂඥයින් පවසයි.

ආතර් සී. ක්ලාක් ආතයනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු සනත් පනාවැන්න මහතා සඳහන් කළේ, එම රොකට් කොටස පෘථිවියට පතිත වන කලාපයේ ශ්‍රී ලංකාව පිහිටා නොමැති බවය. එබැවින් ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.