ඉඟිනියාගලදී නිධන් හැරූ 09ක් අත්අඩංගුවට

ඉඟිනියාගලදී නිධන් හැරූ 09ක් අත්අඩංගුවට

by Staff writer 09-05-2021 | 12:55 PM

COLOMBO (News 1st) – නිධන් හාරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු ඉඟිනියාගල, පරගහකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් ගොනාගොල්ල, අම්පාර හා බිබිල ප්‍රදේශවල පදිංචි පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වේ. නිධන් හෑරීම සඳහා යොදා ගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැනිණි. ඔවුන් අද අම්පාර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.