by Staff writer 08-05-2021 | 8:28 PM
COLOMBO (News 1st) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩබලන ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය ඔලිවියා නීවේරාස් මහත්මිය අද හමුවිය.
ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීය.
මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය සහ ආධාර උපකාර ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඔලිවියා නීවේරාස් මහත්මියගෙන් එහිදී ඉල්ලා තිබේ.
මෙම හමුවේදී ඔලිවියා නීවේරාස් මහත්මිය විපක්ෂ නායකවරයාට පවසා ඇත්තේ ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවයි.