තවත් පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කෙරේ..

ප්‍රමිතියෙන් තොර තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක්‌ ප්‍රතිඅපනයනය කෙරේ..

by Staff writer 08-05-2021 | 8:07 PM

COLOMBO (News 1st) – පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයට ලක් වූ අනුමත ප්‍රමාණයට වැඩියෙන් අෆ්ලටොක්සින් නමැති රසායනිකය අඩංගු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් සහ ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේපිත පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව අද (08) පියවර ගත්තේ ය.

ඒ අනුව, ආනයනය කර තිබූ පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක්‌ ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණය යටතේ එම සමාගමේ ගබඩාවලින් අඩි 20 බහාලුම් 12 කට පටවා පසුගිය 30 වැනිදා ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වාරයේ SAGT පර්යන්තය වෙත ගෙන එනු ලැබුවේ ය. එම බහාලුම් 12 ඊයේ රාත්‍රී මෙරටට පැමිණි එවර් එතික් නමැති නෞකාවට අද දින පැටවූ අතර එම නෞකාව අද දින රාත්‍රී 9.00ට පමණ කොළඹ වරායෙන් මැලේසියාව බලා පිටත් වීමට නියමිතය.