තවත් කොරෝනා ආසාදිතයින් 970 ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 970 ක්..

by Staff writer 08-05-2021 | 8:09 PM

COLOMBO (News 1st) –  නව කොරෝනා ආසාදිතයින් 970 දෙනෙකු අද දින මේ දක්වා හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 122,308 කි. අද(08) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා මරණ 19 ක් වාර්තා වූ අතර, 8 දෙනෙකුම කාන්තාවන් ය. එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන අතර, මේ දක්වා මිය ගොස් ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 764 කි. අද දිනයේ ආසාදිතයින් 1,335ක් දෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 103,098 කි.