ඉන්දීය කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට මෙරටින්

ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හමුවෙයි

by Staff writer 08-05-2021 | 12:35 PM

COLOMBO (News 1st) - ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් එම ආසාදිතයා හමු වූ බවයි. ඔහු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙක් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.