ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක්

කොරෝනා හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක්

by Staff writer 08-05-2021 | 8:25 AM

COLOMBO (News 1st) - දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතු රුධිර සංචිතවල හිඟයක් මතුව තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ, මේ දිනවල දෛනිකව රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණෙනන්ගේ අඩුවක් පවතින බවයි. ජාතික රුධිර පාරවිලයන සේවය සතුව දිවයින පුරා රුධිර බැංකු 106 ක් පිහිටා ඇත. වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ, ආසන්තම රුධිර මධ්‍යස්ථානයට ගොස් රුධිරය පරිත්‍යාග කරන ලෙසයි.