by Sagarika Chathumali 07-05-2021 | 4:39 PM
COLOMBO (News 1st) : ප්‍රදේශ හුදකලා කිරීම් දේශපාලනිකව ගනු ලබන තීන්දු තීරණ නොවන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (7) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය පැවසුවේ, කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හමුවේ එම තීන්දු ගනු ලබන්නේ, වංසගත විද්‍යාත්මකව බවයි.
කෙසේ වෙතත් විශේෂඥ අවශ්‍යතාව නොමැතිව ප්‍රදේශ වසා වසා දැමීම් සිදුවන්නේ නම්, ඊට එකඟ විය නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා ය.
රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ දැනුවත්භාවය මත ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් වසා දැමීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට හිමි බවත් අවශ්‍ය වුවහොත්, ඇතැම් විට රට වැසීමේ තීරණයට වුව ද යා හැකි බවයි.